කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන් පස්දෙනෙකුට අයත් ස්ථාවර තැන්පතු 16 ක් සහ ජීවිත රක්ෂණ තුනක් තවත් මාස තුනකට අත්හිටවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (05) නියෝග කරන ලදී.
ඒ අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිසමේ ඉල්ලීමකට අනුවය.
රඹුක්වැල්ල මහතාගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ එක් බෑණනුවෙනුට අයිති මෙම ස්ථාවර තැන්පතුවල වටිනාකම රුපියල් මිලියන 93ක් පමණ වේ.
ජුනි 27 දින අල්ලස් කොමිසම විසින් ඉහත වත්කම් සඳහා, දින හතකට මහාධිකරණයෙන් අත්හිටවීමේ නියෝග ලබාගෙන තිබුණි.
සබැඳි පුවත්
කෙහෙළියගේ මිලියන 90ක බැංකු ගිණුම්වලට තහනමක්