රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණය අද (07) තීන්දු කලේය.
මෙම පෙත්සමේ අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය අද (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
තමා ඉදිරි දිනවල විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම නඩුවට අදාළ නියෝගය සකස් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළේය.
ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අදාළ පෙත්සම ලබන 14 වන දා කැඳවීමට දින නියම විය.