පුවත්

කොටහේන ඝාතනයේ සැකකරුවෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලක පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවාගෙන ප්‍රශ්න කරන බව කොටහේන පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

පසිඳු විරාජ් නමැති මෙම සැකකරු කොටහේන පොලීසිය විසින් අද (24) අධිකරණයට ඉදිරිපත් කලේය.

එහිදි කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින්  කියා සිටියේ එම සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවය.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී  ඇති බව පොලීසිය අධිකරණයට  දැනුම්දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙසද එහිදී නියෝග කලේය.

Trending

Exit mobile version