උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට ඇල්ල දක්වා දින හතක් සීමා කර තිබූ දුම්රිය ධාවනය අද (16) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද පෙරවරුවේ සිට පොඩි මැණිකේ, උඩරට මැණිකේ, රාත්‍රී තැපැල් දුම්රිය, ඔඩිසි දුම්රිය ඇතුළු සියලු දුම්රිය කොටුව හා බදුල්ල අතර ධාවනය කෙරෙන බව වාර්තා වේ.
ඉන්දු-ශ්‍රීලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් පසුගිය ඔක්තොම්බර් 9 වන දින සිට ඊයේ (15) දින දක්වා උදේ 7.30 හා සවස 5.30 අතර කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබුණි.