Connect with us

පුවත්

“කොතලාවල වෛද්‍ය උපාධිය කැඩෙට්, විදෙස් සිසුන්ට විතරයි”

Published

on

මෙම වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමි වන්නේ කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  2025- 2026 කණ්ඩායම සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීමක වගන්ති නිවැරදි කිරීමක් සිදු කළ යුතුව ඇති බවය.

ඒ අනුව, 2025- 2026 අධ්‍යයන වර්ෂය සඳහා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව කැඩෙට් නිලධාරීන්ට සහ විදෙස් සිසුන්ට පමණක් හිමි වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට පසුගිය රජය මඟින් කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම් මත පමණක් වෛද්‍ය උපාධිය ලබා දීමේ පෙර පැවති ක්‍රමවේදය වෙනස් කරමිනි.

ඒ අනුව, 2024 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම් කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්ව විද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් අනුගමනය කරනු ලබන Z අගයට (Z, Score) අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබූ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත එලෙස වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගෙන තිබුණි.

කෙසේවෙතත්, මේ වසරේ සිට කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලබා දීමට වත්මන් රජය තීරණය කර තිබේ.

පුවත්

මැතිසබේ පුරප්පාඩු වූ හර්ෂණ ගේ පුටුවට නිශාන්ත

Published

on

By

හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

සිය ඉල්ලා අස්වීමෙන් පසුව සූරියප්පෙරුම මහතා, මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පසුගියදා දිවුරුම් දුන්නේය.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

අල්ලස් ගත් දේශීය ආදායම් ලොක්කෙක් අත්අඩංගුවට

Published

on

By

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක්  රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (7) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර සාකාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකි.

පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීමක් සිදු කර මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පැමිණිල්ලිකාර ව්‍යාපාරිකයා විසින් ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයට  මෙම වසර සඳහා නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවේ සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා  වර්ෂයන් සඳහා රුපියල් ලක්ෂ 11ක බදු මුදලක් ගෙවීමට තිබෙන බව  ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙන බව කොමිෂන් සභාව පවසයි

එම හිග බදු මුදල අඩුකර මෙම වසර සඳහා නිස්කාසන වාර්තාව ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් පනස් දහස දක්වා අඩුකර ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය

එම අල්ලස් මුදලින් රුපියල්  42,000ක් පසුගිය තුන්වෙනිදා මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් ලබාගෙන ඉතුරු මුදල වූ රුපියල් අටදහසක මුදල ව්‍යාපාරිකයාගෙන් ලබා ගත් බව කියනඅවස්ථාවේ වැටලීමක් සිදුකර නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බවද කොමිසම සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.

(ලංකාදීප)

Continue Reading

පුවත්

වාහන ආනයනය කරන්නේ පවතින විදෙස් සංචිතවලින් නෙවෙයි – ධනනාත්

Published

on

By

වාහන ආනයන සම්බන්ධයෙන් මේ වන විට නැවත වරක් සාකච්ඡාවට බඳුන් වී ඇති බැවින් වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට තුළ පවතින විදේශ සංචිතවලින් නොවන බව  ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙරටට ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදි රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය භාවිත කර ආනයනය සිදු නොකරන බවත් ඒ සඳහා භාවිත කරනු ලබන්නේ අපනයනය කර ලබා ගත් මුදල්වලින් බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා,

“අපි නිතරම ජනතාව දැනුවත් කරන දෙයක් තමයි සංචිතවලින් නෙමෙයි ආනයනය කරන්නේ. සංවිතවලින් ආනයනය කරනවා නම් අපේ සංචිත ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ ආනයනය සඳහා. මොකද අපේ සංචිත තියෙන්නේ දළ වශයෙන් අමෙරිකානු ඩොලර් 6.6ක් විතර නමුත් අපි වසරකට ආනයනය කරනවා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ නිසා සංචිතවලින් ආනයනය කිරීමක් සිදුවෙන්නේ නෑ.

මේ ප්‍රශ්නය ගොඩක් වෙලාවට එන්නේ වාහන ආනයනයත් සමග. වාහන ආනයනයේදී සංචිතවලින් නෙමේ වාහන ආනයනය සිදුවෙන්නේ. වාහන හෝ වෙන ඕනෑම භාණ්ඩයක් ආනයනය කරන්නේ අපි අපනයනය කරලා ලබා ගන්න මුදල්වලින් සහ අපිට සංචාරක කර්මාන්තයේ සේවාවන්වලින් ලැබෙන මුදල්වලින් සහ අපේ විදේශ ප්‍රේෂණවලින්. ඒ නිසා කිසියම් ආනයනයක් සිදු වෙනවානම් ඒ ආනයනය සංචිත හරහා සිදුවෙන්නේ නෑ. 

නමුත් අවශ්‍යනම් සංචිත හරහා සිදුකරන්න පුළුවන්. නමුත් එය එසේ සිදු කිරීමේ අවශ්‍යතාවයක් නෑ.”

මූලාශ්‍රය – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved