පුවත්

කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි

Published

on

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පස් කදු කඩා වැටී  බදුල්ල පස්සර මාර්ගය   අරවාකුඹුර ප්‍රාදේශයෙන් ද බදුල්ල ස්ප්‍රීන්වැලි මාර්ගය කදන ප්‍රදේශයෙන් ද බදුල්ල පස්සර මාර්ගය හත කනුව ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

මාර්ග අවහිරතා ඉවත් කිරීමේදී අයහපත් කාලගුණික තත්ත්වය මත බාධා එල්ල වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Trending

Exit mobile version