පුවත්

කොළඹ වරායට සේන්දු වූ චීන රෝහල් නෞකාව සෞඛ්‍ය ඇමතිගේ නිරීක්‍ෂණයට

Published

on

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන පීස් ආර්ක් නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම් ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙන ප්‍රතිකාර සහ වෛද්‍ය පර්යේෂණ සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්‍ෂණයට ලක්වී තිබේ. 

එම චීන නෞකාව ඉකුත් 21 වනදා කොළඹ වරායට සේන්දු විය.

 එතැන් සිට අද දිනය දක්වා මෙම නෞකාව මගින් මෙරට ජනතාවට මෙන්ම මෙරට රැඳී සිටින චීන ජනතාවට නොමිලේ වෛද්‍ය පරික්‍ෂණ සහ ප්‍රතිකාර සේවා ලබා දීමට කටයුතු කලේය. 

එම නොෟකාව නිරීක්‍ෂණයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම රෝහල් නෞකාවේ මැදිහත්වීමෙන් ලබා දෙන සෞඛ්‍ය සේවාවන් සහ සිදු කරනු ලබන මානුෂීය ප්‍රයත්නය අගය කරන බවය. 

මෙරට මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමට සහය වීම තුළින් චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Trending

Exit mobile version