පුවත්

ගනේමුල්ලේ සංජීව, කුඩු සළිඳු ඇතුලේ ඉඳගෙනත් වැඩ

Published

on

දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන සිටින පාතාල නායකයන් වන ගනේමුල්ල සංජීව හා කුඩු සලිඳු සිර මැදිරිවල දුරකථන තබාගෙන යළි මත්ද්‍රව්‍ය හා අපරාධ කණ්ඩායම් මෙහෙයවන්නට පටන්ගෙන ඇතැයි හෙළි වී ඇත.

මෙම දෙදෙනා රඳවා තැබූ අධිආරක්ෂිත බන්ධනාගාර මැදිරිවලින් ජංගම දුරකථන තුනක් සොයාගෙන තිබේ. 

එම දුරකථන ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු නොපවරන ලෙස පාතාලයෙන් එල්ල වූ බලපෑම නොතකා නීතිය ක්‍රියාත්මක කළ බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාගේ දෙමාපියන් සිටින කටුනායක නිවසට පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු පැමිණ මරණ තර්ජනය කළ බවට පසුගිය සිකුරාදා (12) කටුනායක පොලිසියට පැමිණිලි කර ඇත.

බන්ධනාගාරයට තහනම් භාණ්ඩ යැවීමට නොහැකි ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය හා බන්ධනාගාර නිලධාරින් යොදවා පරීක්ෂා කළ ද ඒවායේ සිටින දූෂිත නිලධාරින්ට ලක්ෂ ගණන් මුදල් ගෙවා දුරකථන ඇතුළට ගෙන්වා ගන්නා බව හෙළි වී තිබේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version