පුවත්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

Published

on

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (05) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ අනුව, පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ලබන්නේ ජා ඇළ, කටුනායක – සීදුව නගර සභා බලප්‍රදේශ වලට සහ කටාන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටය.

එමෙන්ම, ජා ඇළ හා ගම්පහ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කොටසකට ද මෙම කාලයේ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මේ අතර, ප්‍රධාන නල මාර්ගයට ගලක් පෙරලීම හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුව බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටී

Trending

Exit mobile version