පුවත්

ගම්පහ හිමිනමකට වෙඩිතබා අපවත් කරයි

Published

on

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකට වෙඩි තබා ඝාතනය කර ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

හොන්ඩා ෆිට් වර්ගයේ දම්පැහැති මෝටර් රථයකින් පැමිණි  නාදුනන පුද්ගලයන් 04 දෙනකු විසින්, ටී 56 ගිනි අවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු සැකකරුවන් පලාගොස් ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක් වූ හිමි නම රෝහල් ගත කිරීමෙන් අනතුරුව අපවත් වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙලෙස වෙඩි වැදීමෙන් අපවත් වී ඇත්තේ ගම්පහ- මල්වතුහිරිපිටිය, කහටාන ගණාරාම මහා විහාරවාසී කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි.

කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුවූයේද යන්න පිළිබදව සෙවීම සඳහා ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Trending

Exit mobile version