ගම්පොල , දවුලගලදී පැහැරගත් පාසල් දැරිය අම්පාර ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, අම්පාර සිට මහනුවර බලා දැරිය රැගෙන ගමන් ගනිමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.
මේ වනවිට දැරිය පොලිසිය භාරයේ පසුවන අතර ඇයගෙන් කටඋත්තරයක් ලබාගැනීමට නියමිත අතර, දැරිය වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමටද නියමිත ය.
පාසලට යමින් සිටි එම දැරිය පෙරේදා උදෑසන පැහැර ගැනීමට ලක්විය.
සැකකරු එලෙස පැහැර හැරීමට ලක්වූ දැරියගේ පවුලේ ඥාතී සහෝදරයෙකි.
දැරිය පැහැර ගැනීම සඳහා යොදාගත් බව කියන වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
පොලීසිය පැවසුවේ, වෑන් රථයේ රියැදුරා ගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.
සබැඳි පුවත්