Connect with us

පුවත්

ගම්මන්පිල ඉදිරිපත් කරපු පාස්කු වාර්තාව පිළිගන්නේ නැහැ

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරිපත් කළ ඒ.එන්.ජේ.ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.

අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයකින් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නව පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය දියත් කල පිරිස මෙන්ම පාස්කු ප්‍රහාරය දැනගෙන එය වලක්වා ගැනීමට ක්‍රියාත්මක නොවූ පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී පරික්ෂණ සිදු කර පියවර ගන්නා බවය.

පුවත්

උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමක්

Published

on

By

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබේ.

එහිදී,  2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුලසතා දැක්වූ  සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම විශිෂ්ටයන් තෝරා ගනු ලැබ තිබේ.

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇගයිම 2025 ජූනි 22 වන දින කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයින් එහිදී ඇගයීමට ලක්කෙරේ.

මේ අතර සෙසු පළාත්වල වැඩසටහන්ද නුදුරේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Continue Reading

පුවත්

අමාත්‍යාංශයකට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.

මෙම වාහන අතරට සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 03ක් අයත් සහ අබලි වාහන 03ක් අයත්වන බවද අමාත්‍යංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසුවේ මෙම ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබනුයේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් වන බවය.

පුරවැසියන් තමන්ගේ හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් සහ සමාගම් හෝ සංවිධාන නම් ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදි අමුණා තිබිය යුතුය.

ඒ අනුව මේ සඳහා උනන්දුවක් දක්වන ටෙන්ඩර්කරුවන් 0112186076 දුරකතන අංකයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) හෝ ප්‍රවාහන නිලධාරීවරයා අමතා මේ සම්බන්ධව වැඩිදුර විස්තර ලබා ගත හැකි අතර 2025 ජුනි මස 16 දින සිට 2025 ජුලි මස 07 දින දක්වා කාර්යාල දිනයන්හිදී පෙව 10.00 සිට පව 1.00 දක්වා එකී වාහන පරීක්ෂා කර බැලිය හැකි බවද අමාත්‍යංශය එම සඳහන් කළේය.

Continue Reading

පුවත්

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල

Published

on

By

ඊශ්‍රායලයේ බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ඔහු මෙම තොරතුරු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් මගින් සදහන් කර ඇත.

තුවාල ලැබූ තරුණයා අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විමුක්ති මධුසංඛ ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ඉදිකිරීම් කටයුතු සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටියේය.

ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටින බව තානාපති බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.

තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය විසිහතර පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ප්‍රහාරයෙන් පීඩාවට පත් ඕනෑම අයෙකු වහාම තානාපති කාර්යාලය අමතන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved