පුවත්

ගල්කිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

Published

on

පසුගිය 05 වනදා ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දිය අසලදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කළ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (12) දහවල් මෙලෙස අත්අඩංගුවට ගත බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 21 හා 32 යන වයස්වල පසුවන ගල්කිස්ස සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පසුගිය 05 වනදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

මෙම වෙඩි තැබීමෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පවිත්‍රතා සේවකයෙක් ලෙස සේවය කළ 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්විය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා ගල්කිස්ස පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සබැඳි පුවත්

Trending

Exit mobile version