Connect with us

පුවත්

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් තවත් අයකු මරුට!

Published

on

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද (26) අලුයම මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක කාන්තාවකි.

ඊයේ (25) සවස් කාලයේදී පුද්ගලයෙකු සහ කාන්තාවක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගිය අතර සිද්ධියෙන් බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ කාන්තාව මෙලෙස අද අලුයම මියගොස් ඇත.

පුවත්

සහාය දීම ගැන තාම තීරණයක් නැහැ

Published

on

By

විපක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය පිළිබඳව තව කරුණු සොයා වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇති බවය.

මේ ගැන තීන්දුවක් ගැනීමට දේශපාලන මණ්ඩලය ලබන සතියේදී නැවත වරක් රැස්වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේ ය.

ලබන සතියේදී පමණ රැස්වන දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද මහ ලේකම්වරයා පැවසීය.

පසුගිය සතියේදී ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.

Continue Reading

පුවත්

තවත් බස් අනතුරක්

Published

on

By

අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි.

අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි.

මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව අප කළ විමසීමකදී මහියංගනය පොලීසිය පැවසීය.

ඡායා – Accident 1st 

Continue Reading

පුවත්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට

Published

on

By

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාව සිදුකරන බවය.

රාත්‍රී කාලයේදී දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව පොලිස් කොට්ඨාසවලට අයත් තොරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරි කණ්ඩායම් යොදවා මාර්ගයේ ධාවනය වන රථවාහන සහ බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම පොලීසියේ යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරීන් මඟින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බස්රථ පරීක්ෂාවට ලක්කර නීතිය ක්‍රියාත්මක කිරීමටද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved