ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ වැළදීමෙන් මියගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වේ.
බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පවසා ඇත්තේ අදාළ රැඳවියා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා (13) දිනයේ මියගොස් ඇති බවයි.
මේ වන විට තවත් රැඳවියන් තිදෙනෙකුට මොළේ උණ වැළඳී ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කලේය.