Connect with us

පුවත්

ගෑස් මිලේ වෙනසක්?

Published

on

ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවය.

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව පසුගිය ජුනි මස 4 වන දින අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් කරන ලදී.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩුකිරීමට පියවර ගනු ලැබු අතර ඒ අනුව එහි වර්තමාන මිල රුපියල් 3,790කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් පහත දැමුණු අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් පහත දැමීම සිදුවිය.

පුවත්

මර්වින් සිල්වාට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබේ.

අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අද (06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දෙන ලදී.

ඒ සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමිනි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් නියම කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත් වේ

Published

on

By

දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වී තිබේ.

අද (06) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වෙනුවට නීතිඥ රවුෆ් හකීම් මහතා පත්කළ බව ද කථානායකවරයා දන්වා සිටියේය.

ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබුණි.

මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය කටයුතු කරන අතර, අනෙක් සාමාජිකයා වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාය.

Continue Reading

පුවත්

අද උදෑසන හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව

Published

on

By

අද (06) උදෑසන දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීමට හේතු වී ඇත්තේ බියගම-පන්නිපිටිය ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ අනතුරක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කොළඹ, කළුතර සහ අවට ප්‍රදේශ රැසක අද උදෑසන හදිසි විදුලිය බිඳ වැටීමේ සිදුවීම් වාර්තා විය.

බියගම – පන්නිපිටිය ප්‍රධාන විදුලි රැහැනක සිදු වූ කාන්දුවක් මෙම විදුලි බිඳ වැටීම් සඳහා හේතු වී තිබේ.

මේ වන විට, ගැටලුව විසඳීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ කණ්ඩායම් යොදවා ඇති අතර  මේ වන විට බලපෑමට ලක් වූ ප්‍රදේශවලට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවද එම මණ්ඩලය පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved