හොඳින් මත්ස්‍ය අස්වනු ලැබෙන වළාල සමයේදී පිටරටින් මසුන් මෙරටට ගෙන්වීමට ධීවර අමාත්‍යංශය අවසර දීම හේතුවෙන් ධීවර කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා කියයි.
ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ වැඩිපුර මත්ස්‍ය අස්වනු ලැබෙන ඔක්තෝබර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වළාල සමයේ මත්ස්‍ය ආනයනය නවතාලන ලෙස බලධාරීන්ගෙන් කොතරම් ඉල්ලීම් කළද ඔවුන් ඒවාට ඇහුම්කන් නොදෙන බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා හෙළිකර සිටී.
ආනයනික මාළු හේතුවෙන් දේශීය මාළු මිල පහළ වැටීමත් සමඟ අධික ඉන්ධන වියදම නිසා අසරණව සිටින ධීවරයන් තවදුරටත් පීඩාවට ගොදුරු වනු ඇතැයි ඔහු සඳහන් කරයි.
කොප්පරා, තලපත් ආනයනයෙන් බහුදින ධීවර යාත්‍රාවලටත්, සැමන් මාළු ආනයනයෙන් ලින්නන් අල්ලන ධීවරයන්ටත් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව රුවන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, මත්ස්‍ය ආනයනය සීමා කළයුතුය යන මතයේ ධීවර අමාත්‍යංශය ද සිටින බව එහි ලේකම් ඉන්දු රත්නායක මහත්මියට පවසා තිබේ.
ආනයන සඳහා රුපියල් 400ක බද්දක් මේ වනවිටත් පනවා ඇති අතර මේ දිනවල මත්ස්‍ය නිෂ්පාදනය හොඳින් සිදුවන බැවින් අනායනයට අවසර දී ඇත්තේ අත්‍යවශ්‍යම මත්ස්‍ය වර්ග පමණක් පමණක් බවද ඇය කියා සිටී.
කෙසේවුවද, මතස්‍ය ආනයනය ඉහල දැමීමට රජය කටයුතු කර ඇත්තේ පසුගිය කාලයේ මෙරට ධීවරයින් විසින් මතස්‍ය මිල අධික ලෙස ඉහල නැන්වීම නිසා බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.