Connect with us

පුවත්

රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම්!

Published

on

රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම්රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ පවතින ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, අදාළ පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවය.

Continue Reading

පුවත්

ඩයනාගේ හිස්වූ අසුනට මුජිබර්

Published

on

By

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගේ නම යෝජනා කර මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

ඒ අනුව මුජිබර් රහුමාන් මහතාගේ නාමය මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව සඳහන් වේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පළාත් සභා මැතිවරණයේදී කොළඹ පුරපති සටනට තරග කිරීමේ අපේක්ෂාවෙන් ඒ මහතා විසින් පසුගිය 2023 වසරේ ජනවාරි මසදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා ලද නමුත් පළාත් සභා මැතිවරණය මේ දක්වා පැවැත්වීමක් ද සිදු වූයේ නැත.

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැති කියයි

Published

on

By

පසුගිය වසර 10 තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම අති විශාල පාඩුවක් ලබා ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් බවයි.

අගමැතිවරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ ඒ වර්ශ වලදී ලැබූ පාඩුව කෙතරම් ද යත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කලේය. ඒ අනුව,
2017 – 2015 – රුපියල් කෝටි 16330 කට වැඩි මුදලක්
2015 – 2016 – රුපියල් කෝටි 13084 කට වැඩි මුදලක්
2016 – 2017 – රුපියල් කෝටි 2800 ක මුදලක්
2017 – 2018 – රුපියල් කෝටි 1858 කට වැඩි මුදලක්
2018 – 2019 – රුපියල් 417 ක මුදලක්
2019 – 2020 – රුපියල් කෝටි 4413කට වැඩි මුදලක්
2020 – 2021 – රුපියල් කෝටි 4970කට වැඩි මුදලක්
2021 – 2022 – රුපියල් කෝටි 16358 කට වැඩි මුදලක්
2022 – 2023 – රුපියල් කෝටි 7130 ක මුදලක්
2023 – 2024 – රුපියල් කෝටි 1247කට වැඩි මුදලක්
වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබා ඇතැයි ඔහු සඳහන් කළේය.

ගුවන් සමාගම වැඩිම පාඩුවක් ලබා ඇත්තේ 2021-2022 කාලයේදීය. එම කාල සීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 16358කි.

Continue Reading

පුවත්

ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යන සිසුන්ට බාධා

Published

on

By

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු “ඉතුරුම් මුදල” නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වංචනික ශිෂ්‍ය බඳවා ගැනීමේ පිළිවෙත් පිළිබඳ විද්‍යාල කිහිපයකට අනතුරු අඟවා ඇති පසුබිමක මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවද ඔවුන් පවසයි.  

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවය.

ලබන සිකුරාදා (10)  සිට, ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා අවම වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 29,710 (අමෙරිකානු ඩොලර් 19,576) ඉතුරුම් පිළිබඳ සාක්ෂි පෙන්විය යුතුය.

මෙය මාස හතක කාලයක තුළ දෙවන වැඩිවීමයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදලඕස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමීම සිදුවිය.

2022 දී Covid-19 සීමාවන් ඉවත් කිරීම සමඟ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉහළ ගිය අතර , ඒත් සම්ඟින් එහි  නිවාස වෙළෙඳපොල මත දැඩි පීඩනයක්.එල්ල වී තිබේ.

මේ හේතුවෙන්  මෑත කාලීනව ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට ක්‍රියාමාර්ග රාශියක් අලුතින් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය විසින් කටයුතු කරන ලදී.

ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන අතර, 2022/23 වසරේදී ඒ ඔස්සේ ඔවුන් ලැබූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved