ලියාපදිංචි වී නොමැති මූල්‍ය ආයතන මෙන්ම පොලිසියට මුදල් ගනුදෙනු කරන තැනැත්තන් සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියක් සැකසීමට නීති අංශ පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
මෙම පියවර ගැනීමට හේතු වී ඇත්තේ එවැනි මූල්‍ය ආයතනවලින් සහ පොලියට මුදල් ගනුදෙනු කිරීමෙන් අසාධාරණයට ලක්ව සිටින තැනැත්තන්ගෙන් ණය සහනදායී මණ්ඩලට ලැබී තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලමිනි.
ණය සහනදායී මණ්ඩලය පිහිටුවා ඇත්තේ එවැනි අසාධාරණයන්ට ලක්ව සිටින්නන්ට සහන සැලසීම වෙනුවෙනි.
අසාධාරණයන්ට ලක්වන්නන්ගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ අවධානය යොමුකර ඇති එම මණ්ඩලය තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනා කැඳවා ඇති බව වාර්තා වේ.
එම මණ්ඩලය මෙලෙස යෝජනා කැඳවා ඇත්තේ සිය පළාත් කාර්යාල මාර්ගයෙනි.
ඒ අනුව ලැබෙන යෝජනා නීති කොමිෂන් සභාවට යැවෙන අතර එම කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නියමිත ය.
එලෙස අධ්‍යයනය කිරීමෙන් පසු ලියාපදිංචි නොමැති මූල්‍ය ආයතන මෙන්ම පොලියට මුදල් ගනුදෙනු කරන තැනැත්තන් සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියට අදාළ කටයුතු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරේ.
මූල්‍ය කටයුතුවල දී අසාධාරණයන්ට ලක්වූවන්ගේ පැමිණිලි 917ක් පසුගිය නොවැම්බර් මාසය වන විට ණය සහනදායී මණ්ඩලයේ සහන ක්‍රියාවලියට ඇතුළත්ව ඇතැයි ද පැවසේ.
මූලාශ්‍රය – අරුණ