Connect with us

පුවත්

ගුරුවරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි අනිවාර්යයි – ජනපති

Published

on

ඉදිරි වසර 10 ඇතුළදී සෑම පාසලකම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමටත්, ගුරුවරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි අනිවාර්ය කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් ඊයේ (25) පැවැති ‘රහල් සියවස් ප්‍රතාප’ සියවස් සැමරුම් උත්සවයට එක් වීමෙනි. 

එමෙන්ම භූගෝලය සහ ඉතිහාසය වැනි විෂයයන් පිළිබඳව සියලු දෙනාට අවබෝධයක් තිබිය යුතු අතර උසස් පෙළ විෂයය ධාරාව පැවැත්වෙන සියලු පාසල් අන්තර්ජාලය සමග මුසුකිරීමටත් අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පැවැත්වෙන සියලු පාසල්වලට අන්තර්ජාලය ලබාදීමටත් කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස විෂයයක් බවට පත් කිරීමටත් ඉතිහාසය පිළිබඳ නව ආයතනයක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී අධ්‍යාපනයේ නවීකරණය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.

එමෙන්ම 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් 2035 වන විට රට තුළ නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved