Connect with us

පුවත්

ගුවන් යානය ඇතුලෙත් හොරකමක්

Published

on

ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000ක මුදලක් ඔහු අසල ගමන් ගත් චීන ජාතිකයකු සොරාගෙන ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි.

47 හැවිරිදි ලෙබනන ජාතික ව්‍යාපාරිකයකු සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇය සමඟ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසනවල පැමිණ තිබූ අතර, ඔවුන් සමඟ චීන ජාතිකයකු ඇතුළු තවත් තිදෙනකු ද පැමිණ තිබුණි.

ගුවන් මගීන්ට සුවදායක නින්දකට අවශ්‍ය පසුබිම සකස් කර දීම සඳහා එහි විදුලිය නිවා දමා තිබූ අතර ඒ අවසරයෙන් සැකකරු ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර, එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල සොරා ගෙන, ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18 ක මිටියක්, එම මුදල් පසුම්බිය තුළට දමා තිබේ.

මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා ගුවන් යානයෙන් බැස ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකුවක් වෙත පැමිණ සිය ඇමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ගැනීමට යාමේදී මුදල් නොමැති බව දැන ඒ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කිරීමට කටයුතු කර තිබුණි.

සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය සහ ගුවන්තොටුපොළ සංචාරක පොලිසිය රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

(මූලාශ්‍රය : ලංකාදීප)

පුවත්

ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවය.

ඒ අනුව එළැඹෙන සඳුදා දින පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශයන්හී ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවද එම මණ්ඩලය මහජනතාවට දැනුම් දී තිබේ.

ජල සැපයුම අතිහිටුවන ප්‍රදේශ – පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක්.

Continue Reading

පුවත්

RMV ලොක්කා ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අතුරුදන්වූ ව්‍යාපාරිකයාගේ සිරුර කසළ වළකින් සොයා ගනී

Published

on

By

දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයෂන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසක තිබී ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවී තිබුණි.

පසුව මිතුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළක තිබී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved