Connect with us

පුවත්

ගෙවල් 5ක් පීරුවත් හිටපු පොලිස්පති ගැන හෝඩුවාවක් නැහැ

Published

on

අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබී ඇති සේවය අත්හිටවූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රැඳී සිටියැයි කියන නිවාස පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සෝදිසි කර ඇතැයි වාර්තා වේ.
මෙසේ සෝදිසි කර ඇත්තේ 

කොළඹට ආසන්න සුපිරි නිවාස සංකීර්ණ දෙකක නිවාස දෙකක් හා කොළඹ හා කුරුණෑගල ප්‍රදේශවල නිවාස තුනක් බවද පැවසේ.කෙසේවුවද, මේ සෝදිසි කිරීම්වලින් හිටපු

 පොලිස්පතිවරයා ගැන තොරතුරක් සොයාගත නොහැකි වී ඇතැයි ද වාර්තා වේ.

පසුගිය 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි  W15 නැමැති සංචාරක හෝටලයකට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ වෙඩි තැබීම හා ඊට ප්‍රතිප්‍රහාර ලෙස වැලිගම පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙකු මියගොස් තවත් නිලධාරියෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා (27) නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.වැලිගම W15 හෝටලය ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර – ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් හිෂාම් ජමල්දීන් මහතාට (හාඩි) අයත් එකක් බව පැවසේ.

සබැඳි පුවත්

පුවත්

ප්‍රසන්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.34 )

ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකය.

මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

Continue Reading

පුවත්

අභියෝගාත්මක වගකීම ඉටු කරන්න විපක්ෂනායක ලෑස්තියි

Published

on

By

2025 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ විපක්ෂය එකට එක්වී කටයුතු කරන ලෙසට ජනතාව පණිවුඩයක් දී ඇති බව යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාව ලබා දුන් එම පණිවුඩය අනුව ක්‍රියාකිරීමට තමන් ඇතුළු පක්ෂය සූදානම් බවය.

“රටේ ජනතාව අපිට ලබාදීලා තියෙන පණිවිඩය තමා, විපක්ෂයේ සියලුදෙනා එකට එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින්, සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු විය යුතු යැයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉටුකරන්න අපි සුදානම්. ඊට නායකත්වය ලබාදීමට අපි සුදානම්. ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුමදෙනා එකට එකතු කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාවක්, ප්‍රතිපත්ති ගරුකව මේ ඇති වෙන එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටුකිරීම අපේ අරමුණයි. ඊට නායකත්වය ලබාදෙන්න අපි සුදානම්.”

Continue Reading

පුවත්

මං කියපු දේ කළා නම් විපක්ෂයට දිනන්න තිබුණා

Published

on

By

තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

විශේෂයෙන් කොළඹට පමණක්වත් එවැනි දෙයක් කරන්නට තිබු බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමා කී පරිදි විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්න බව පැවසීය.

කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“අවුරුදු පහකට පසුව අප අලියා ලකුණ යටතේ තරඟ කළා.මෙය යම් ඇරැඹුමක් ලෙස සැලකිය හැකියි.සමහර ප්‍රදේශ වල අපේ ප්‍රතිඵල හොඳයි. සෑහීමකට පත්විය හැකියි.දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.

මා මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්.හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා.අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි.

අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්නට එන බව සමහරුන් කිව්වා.අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්නට එන්නේ නැති බව දැන් පෙනෙන්නට තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි. මේ පක්ෂය ගොඩනැගිය යුත්තේ අවුරුදු පනහේ- හතළිහේ අයයි.මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි. සජබෙටත් ගියපාර ලැබුන ඡන්ද ලැබුණේ නැහැ.”

මූලාශය  – ලංකාදීප

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved