අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබී ඇති සේවය අත්හිටවූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රැඳී සිටියැයි කියන නිවාස පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සෝදිසි කර ඇතැයි වාර්තා වේ.
මෙසේ සෝදිසි කර ඇත්තේ
කොළඹට ආසන්න සුපිරි නිවාස සංකීර්ණ දෙකක නිවාස දෙකක් හා කොළඹ හා කුරුණෑගල ප්‍රදේශවල නිවාස තුනක් බවද පැවසේ.කෙසේවුවද, මේ සෝදිසි කිරීම්වලින් හිටපු
පොලිස්පතිවරයා ගැන තොරතුරක් සොයාගත නොහැකි වී ඇතැයි ද වාර්තා වේ.
පසුගිය 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 නැමැති සංචාරක හෝටලයකට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ වෙඩි තැබීම හා ඊට ප්‍රතිප්‍රහාර ලෙස වැලිගම පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙකු මියගොස් තවත් නිලධාරියෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා (27) නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.වැලිගම W15 හෝටලය ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර – ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් හිෂාම් ජමල්දීන් මහතාට (හාඩි) අයත් එකක් බව පැවසේ.
සබැඳි පුවත්