හිරු නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරණ හා ටෝක් විත් චමුදිත youtube නාලිකාව මෙහෙයවන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හා නෙත් එෆ් එම් බැලුම්ගල මෙහෙයවන එම්. චාමික මහතාට පාතාල තර්ජන ඇති බවට ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ වලට කරන ලද පැමිණිලි අනුව වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් මත විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ.
චමුදිත මහතා විසින් පහුගිය කාලයේදී සිය වැඩසටහන් මගින් පාතාල ක්‍රියාකාරකම් හෙළිකිරීම නිසා දෙහි බාලේගේ කණ්ඩායමෙන් තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් පැමිණිලි කර තිබේ.
එම්. චාමික මහතා පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඔහුට පාතාල නායක කන්ජිපානි ඉම්රාන් ගේ තර්ජන ඇති බවටය.
මේ අතර, කන්ජිපානිගෙන් වැඩ නවත්වා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට හා පොලිස් පරීක්ෂක නියමාල් රංගජීව මහතාට ද මරණීය තර්ජන ඇති බවට පැමිණිලිකර තිබේ.
රංගජීව කළ පැමිණිල්ලට අදාළව වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.