පුවත්

චමුදිත හා කීර්තිට එරෙහිව විජේදාස, වාරණයක් ගනියි!

Published

on

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක යන මාධ්‍යවේදීන්ට එරෙහිව නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) නිකුත් කළේය.

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

වග උත්තරකරුවන් දෙදෙනා විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා Truth with Chamuditha යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක්  ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත.

චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමඟ 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවේ විකාශනය කළ බවත්, එම සාකච්ඡාව පැමිණිලිකරුට චෝදනා කිරීමට හා අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරිය මහතමියගේ උපදෙස් මත හරීෂ් රත්නසූරිය, හර්ෂ ලියනගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් මහතා පෙනී සිටියේය.

මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version