Connect with us

පුවත්

චරින්ද්‍ර ද මොර්නින් එකට ගුඩ් බායි කියයි!

Published

on

ද මොර්නින් (The Morning) දිනපතා පුවත්පතේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ චරින්ද්‍ර චන්ද්‍රසේන මහතා ඉන් ඉල්ලා අස්ව තිබේ.

ඒ මහතා එම පුවපතේ ප්‍රධාන කර්තෘ ධූරයෙන් ඉවත්වීම ඔහුගේ ස්වාධීන තීන්දුවක් බව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී.

කෙසේවුවද, අදාළ පුවත්පත් ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ චරින්ද්‍ර මහතා වෙබ්අඩවියේ කර්තෘවරයා ලෙස පත් කිරීමත් සමඟ ඔහු ඉන් ඉවත්ව ඇති බවයි.

ඔහුත් සමඟ තවත් කිහිපදෙනෙකු එම පුවත්පතෙන් ඉල්ලා අස්ව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සභාපති ධූරය දරනු ලබන ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනය විසින් එම පුවත්පත මුද්‍රණය කර බෙදාහරිනු ලබයි.

මීට පෙර එම සමාගම මුද්‍රණය කර බෙදාහරින දිනපතා අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වරයාව සිටි කුල ශ්‍රී කාරියවසම් මහතා ද ඉන් ඉවත්ව ගියේය.

චරින්ද තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved