පුවත්

චීනයෙන්, නැගෙනහිරට මිලියන 16ක ආධාර (ඡායා)

Published

on

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවල ඊයේ (29) සංචාරයක නිරත විය.

එහිදී ගංවතුරෙන් පීඩාවට පත්වූ පවුල් සඳහා රුපියල් මිලියන 16ක් වටිනා ආහාර පාර්සල් බෙදාදීමට ද ඔහු කටයුතු කළේය.

රජයේ ආයතන 03ක සහය ඇතිව චීන තානාපති කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

චීන සහෝදරත්වයේ සෙනෙහස ලෙස මෙය සංඛේතවත් කරමින් භාණ්ඩ බෙදාදීම සිදු කෙරුණි.

එහිදී චීන තානාපතිවරයා කියා සිටියේ චීනයේ මිත්‍රශීලී ප්‍රතිපත්තිය විවෘත බවත්, සියලු පුද්ගලයින්, දේශපාලන පක්ෂ, ජනවාර්ගික කණ්ඩායම් සහ කලාප සමඟ සමානව සම්බන්ධ වීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.

Trending

Exit mobile version