Connect with us

පුවත්

චීනයෙන් නිවාස ව්‍යාපෘතියකට යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක්!

Published

on

පසුගිය වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති මෙම වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

රට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බැවින් මහා භාණ්ඩාගාරයට බරක් නොවී එම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ඒ අනුව කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996ක ඉදිකිරීම් කටයුතු මෙම වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

මෙම නිවාස ඉදිකෙරෙන්නේ චීන රජයේ මූල්‍යාධාර වැඩසටහනක් යටතේයි. 

චීන රජය යුවාන් මිලියන 552ක මූල්‍යාධාරය ප්‍රදානය කරන අතර ඒ සඳහා වන ගිවිසුමට පසුගිය වසරේ ජනවාරි 9දා අත්සන් තබා ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1,888ක් සහ කෘතහස්ත කලාකරුවන් සඳහා නිවාස ඒකක 108ක් ඉදිකෙරෙන බවයි.

පෑලියගොඩ, මහරගම, මොරටුව, දෙමටගොඩ ප්‍රදේශවල මෙම නිවාස ඉදිකෙරෙන අතර කලාකරුවන් සඳහා වන නිවාස ව්‍යාපෘතිය කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

චීන රජයේ නියෝජිතයන් සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මේ සඳහා වන සඛ්‍යතා අධ්‍යනයන් සිදුකර තිබේ. නිවාස ඉදිකිරීමේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාල ගිවිසුමේ දළ පිටපතක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබේ. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය හා මුදල් අමාත්‍යංශයේ යෝජනා චීන රජයේ මෙම වැඩසටහන සඳහා පත්කර ඇති සමාගම වෙත පසුගිය නොවැම්බර් මාසයේදී යොමුකර ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved