Connect with us

පුවත්

චීනයෙන් යුවාන් කෝටියක තවත් හදිසි මානූෂීය ආධාර තොගයක්

Published

on

චීනයෙන් යුවාන් කෝටියක තවත් හදිසි මානූෂීය ආධාර තොගයක්න රජය ශ්‍රී ලංකාව වෙත තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක් සැපයීමට තීරණය කර තිබේ.

ඒ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං (Qi Zhenhong) මහතා ඊයේ (30) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවූ අවස්ථාවේ දී පවසා ඇත.

ජලගැලීම් හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවට ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව චීන රජය වැඩි අවධානයක් යොමු කරන බව චී ජන්හොං (Qi Zhenhong) මහතා එහිදී සඳහන් කර තිබේ.

එවැනි පසුබිමක මෙලෙස තවත් සහනාධාර තොගයක් ලබා දීම දෙරට ජනතාව අතර මිතුදම වඩාත් පිළිබිඹු කරන්නක් පමණක් නොව, චීන රජය ශ්‍රී ලංකාවේ නව රජයට දක්වන සහාය ද පිළිබිඹු කෙරෙනෙ බව දේශපාලන විචාරක මතය වේ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය හා ජනතාව අසීරුතා මගහරවා ගනිමින් යථා තත්ත්වයට පත් වෙතැයි චීන තානාපතිවරයා එහිදී විශ්වාසය පළ කර ඇතැයි ද වාර්තා වේ.

චීන රජය හා ජනතාව තම රටට දක්වා ඇති අගනා සහාය පිළිබඳව හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය එහිදී සිය කෘතඥ්‍යාව ද තානාපතිවරයා හමුවේ පළකර තිබේ.

චීනය විශ්වාසවන්ත හා සමීප සහෝදරයෙකු මෙන් ම හවුල්කරුවෙකු බව මේ ආධාර ලබාදීමෙන් පිළිබිඹු වන්නේ යැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය එහිදී ප්‍රකාශ කර ඇත.

යුවාන් කෝටියක වටිනාකමකින් (යුවාන් මිලියන 10ක්) යුත් මානුෂීය ආධාර තොගයක් මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය තීන්දු කර ඇත. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 400 කට ආසන්නය.

කෙසේවුවද, මේ මානුෂීය ආධාර තොගය ලබාදීමට තීන්දු කර ඇත්තේ පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාට චීන රජයෙන් ලබාදුන් රුපියල් මිලියන 30ක (USD 100,000) පරිත්‍යාගයට අමතරවය.

සබැඳි පුවත්

පුවත්

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මෙරට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යයන චාරිකාවක

Published

on

By

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු අද දින අධ්‍යයන චාරිකාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. 

ඔවුහු ජුනි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරති. 
ඔවුන්ගේ මෙම අධ්‍යයන චාරිකාවේදි මූලික අවධානය යොමු වන ක්ෂේත්‍ර අතරට ලේඛනාගාර සහ වාර්තා නඩත්තු කිරීම හා සංරක්ෂණය, ගබඩා කළමනාකරණය, ඉන්වෙන්ටරි පාලනය සහ තොග සංරක්ෂණය ඇතුළත් වේ.

මෙම චාරිකාව අතරතුර ඔවුන් ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට නියමිතය.

මෙම අධ්‍යයන චාරිකාව සඳහා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අට දෙනෙක් එක්ව සිටින අතර  ඔවුහු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා හමු වී අදහස් හුවමාරුවක නිරත වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට (Update)

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

———————

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද මෙරටට

(පෙර පුවත : 2025/06/23 at 7:30 am)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවය.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව සඳහන් වේ.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

FAO පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට අවසර

Published

on

By

ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දී තිබේ.

අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුල එම නෞකාව මෙරට මුහුදු තීරයේ සිය පර්යේෂණ කටයුතු සිදුකරනු ඇත.

අදාළ නෞකාවට ශ්‍රී ලංකා භෞමික ජල තීරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙය, මත්ස්‍ය තොග, ජෛව විවිධත්වය සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ වැදගත් දත්ත රැස් කරන පර්යේෂණ නෞකාවකි.

මෙම නෞකාව,  ශ්‍රී ලංකා ජල තීරයේ පර්යේෂණ කටයුතු සිදු කිරීමට උත්සාහ කළ නමුත්, විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) නොමැති විට රජය මීට පෙර එයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

යම්හෙයකින් මෙම පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට හිමි නොවුවහොත්, ඒ හේතුවෙන් ලංකාවට ඩොලර් මිලියනකට වඩා අධික ආධාර අහිමිවීමටත්, අනාගත හරිත දේශගුණික අරමුදල් මුලපිරීම් වලට බලපෑම් ඇතිවීමටත් ඉඩතිබුණු බවටද මීට පෙර වාර්තා විය.  තවද, මෙම නෞකාව 2030 වසරට පෙර යළිත් ලංකාවට පැමිණීමේ අවස්ථාවක් නොපැවතිනි.

විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක් පුරා පැවති තහනම 2024 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වූ අතර, ඉන්පසු 2025 ජනවාරි අගදී ශ්‍රී ලංකාවේ විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා SOP සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් තීරණයක් ගන්නා ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved