චීනයෙන් යුවාන් කෝටියක තවත් හදිසි මානූෂීය ආධාර තොගයක්න රජය ශ්‍රී ලංකාව වෙත තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක් සැපයීමට තීරණය කර තිබේ.
ඒ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං (Qi Zhenhong) මහතා ඊයේ (30) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවූ අවස්ථාවේ දී පවසා ඇත.
ජලගැලීම් හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවට ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව චීන රජය වැඩි අවධානයක් යොමු කරන බව චී ජන්හොං (Qi Zhenhong) මහතා එහිදී සඳහන් කර තිබේ.
එවැනි පසුබිමක මෙලෙස තවත් සහනාධාර තොගයක් ලබා දීම දෙරට ජනතාව අතර මිතුදම වඩාත් පිළිබිඹු කරන්නක් පමණක් නොව, චීන රජය ශ්‍රී ලංකාවේ නව රජයට දක්වන සහාය ද පිළිබිඹු කෙරෙනෙ බව දේශපාලන විචාරක මතය වේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය හා ජනතාව අසීරුතා මගහරවා ගනිමින් යථා තත්ත්වයට පත් වෙතැයි චීන තානාපතිවරයා එහිදී විශ්වාසය පළ කර ඇතැයි ද වාර්තා වේ.
චීන රජය හා ජනතාව තම රටට දක්වා ඇති අගනා සහාය පිළිබඳව හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය එහිදී සිය කෘතඥ්‍යාව ද තානාපතිවරයා හමුවේ පළකර තිබේ.
චීනය විශ්වාසවන්ත හා සමීප සහෝදරයෙකු මෙන් ම හවුල්කරුවෙකු බව මේ ආධාර ලබාදීමෙන් පිළිබිඹු වන්නේ යැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය එහිදී ප්‍රකාශ කර ඇත.
යුවාන් කෝටියක වටිනාකමකින් (යුවාන් මිලියන 10ක්) යුත් මානුෂීය ආධාර තොගයක් මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය තීන්දු කර ඇත. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 400 කට ආසන්නය.
කෙසේවුවද, මේ මානුෂීය ආධාර තොගය ලබාදීමට තීන්දු කර ඇත්තේ පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාට චීන රජයෙන් ලබාදුන් රුපියල් මිලියන 30ක (USD 100,000) පරිත්‍යාගයට අමතරවය.
සබැඳි පුවත්