චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 04 ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව මෙරටේ චීන තානාපති චී ජන්හොං (Qi Zhenhong) මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.
චීන තානාපතිවරයා ඊයේ (27) අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ද මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් ද බැහැදැක සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී ලංකාවේ දැනට ඇති බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද ඉතා පැරණි එකක් බවත් චීන ආයෝජනයක් ලෙස ඉදි කිරීමට යෝජිත නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුව විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවත් ඒ මහතා කීවේය.
චීනය මගින් ඉන්ධන පිරිවුම් හල් 150 ක් කඩිනමින් ශ්‍රී ලංකාව තුළ විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.