Connect with us

පුවත්

චීනයෙන් ලංකාවට පිරිපහදුවක් දෙන බවට තානාපතිගෙන් පොරොන්දුවක්

Published

on

චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 04 ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව මෙරටේ චීන තානාපති චී ජන්හොං (Qi Zhenhong) මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.

චීන තානාපතිවරයා ඊයේ (27) අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ද මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් ද බැහැදැක සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ දැනට ඇති බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද ඉතා පැරණි එකක් බවත් චීන ආයෝජනයක් ලෙස ඉදි කිරීමට යෝජිත නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුව විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවත් ඒ මහතා කීවේය.

චීනය මගින් ඉන්ධන පිරිවුම් හල් 150 ක් කඩිනමින් ශ්‍රී ලංකාව තුළ විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved