Connect with us

පුවත්

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය ප්‍රමුඛ දූත පිරිසක් මෙරටට

Published

on

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උප අමාත්‍ය – සුන් වෙයිඩොංග් මහතා ප්‍රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මෙම දූත පිරිස ජුනි 01දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බවත්, ඔවුන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟ දෙරට අතර පැවැත්වෙන 12 වැනි රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටයේ ශ්‍රී ලංකාව හා සම සභාපතිත්වය දරනු ඇති බවත් එහි දැක්වේ.

දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව මෙන්ම තේමාත්මක සහයෝගීතාව සහ මිනිසුන් අතර සම්බන්ධතා ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සබඳතාවල තත්ත්වය තක්සේරු කිරීමට සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවද එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

මෙම සංචාරයේදී සුන් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවීමට නියමිත බවද එහි වැඩිදුරටත් දැක්වේ.

තවද, මෙම දූත පිරිස ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් හා එක්ව දෙවනගල පිහිටි ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව ගම්මානය නැරඹීමට ද නියමිතය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved