Connect with us

පුවත්

චීනයේ ෂෙන්ජෝ-19 යානය අභ්‍යවකාශගත කිරීම (ඡායා)

Published

on

චීනයේ ෂෙන්ජෝ-19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය ඔක්තෝබර් 30 වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 4.27ට ජියු-චුඇන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරේ.

මෙම දියත් කිරීමේ වැඩසටහනේ සජීව විකාශය මෙසේය.

ෂෙන්ජෝ-19 කාර්යමණ්ඩලය ලෙස එක්වන ගගණගාමීන් තිදෙනා ඔක්තෝබර් 29 වැනිදා මාධ්‍ය හමුවකටද එක්විය.

ත්සයි ෂූජ මහතා මෙහි ප්‍රධාන අණදෙන නිළධාරියා ලෙස කටයුතු කරන අතර, සොං ලිංඩොං මහතා හා වං හඕස මහත්මිය මෙහි සෙසු කාර්ය මණ්ඩලය ලෙස ක්‍රියාකරයි.

දැනට චීනයේ සිටින එකම කාන්තා අභ්‍යවකාශ පියාසර ඉංජිනේරුවරිය වන වං මහත්මිය, අභ්‍යාවකාශගත වන තෙවැනි චීන කාන්තාව ලෙසද ඉතිහාසගත වේ.

මොවුන් මෙලෙස අභ්‍යවකාශගත වන්නේ සය මසක මෙහෙයුම් කාලයක් සඳහාය.

ෂෙන්ජෝ-19 මෙහෙයුම දියත්කිරීමට අදාලව, පසුගිය දින කිහිපය පුරාවටම සිදුවූ පූර්ව පරීක්ෂණ හා සූදානම් කිරීම්, මේ වන විට අවසන් වී තිබේ.

මේ අතර, තවමත් ටියැංගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ජෝ 18 කාර්ය මණ්ඩලයද, සිය වැඩකටයුතු නිමා කරමින්, යළි පෘථිවියට පැමිණීමට සූදානම් වෙමින් සිටියි.

සජීවී නැරඹීමට

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved