චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම මෙන්ම දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වට තර්ජනයක් එල්ල කිරීම වහාම නවත්වන මෙන් චීනය පිලීපියෙන් ඉල්ලා සිටියි.
පිලිපීන යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධීව ප්‍රවේශ වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියැන් (Lin Jian) මහතා මෙසේ පැවසුවේ අගෝස්තු 26 වැනිදා බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි.
නැන්ෂා (Nansha) දූපත්වල කොටසක් වන ෂියැන්බින් (Xianbin) ගල්පරය ආශ්‍රිත සාගර කලාපය චීනය සතු බව ඔහු මෙහිදී යළිත් අවධාරණය කළේය.
අගෝස්තු 25වැනිදා ද පිලිපීන යාත්‍රාවක් මෙම ප්‍රදේශයට ප්‍රවේශ වී තිබුණු බව චීනය ප්‍රකාශ කරයි.
මූලාශ්‍රය – CCTV+