චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයින් පිරිසක් සහ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ (30) දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවිය.
ජාතික ජනබලවේගය ලබාගත් මැතිවරණ ජයග්‍රහණ සම්බන්ධයෙන් චීන දූත පිරිස මෙහිදී සුබපැතුම් එක්කළහ.
ඉදිරියේදී චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.
දෙරට අතර සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙන අතර මෙරට ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා චීන රජය ලබාදීමට අපේක්ෂා කරන සහයෝගය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.
චීන කොමියුනිස්ට් පක්ෂය සම්පාදනය කළ ග්‍රන්ථ කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණේ පුස්තකාලයට පරිත්‍යාග කිරීම ද මීට සමගාමීව සිදු විය.