පුවත්

චීන ජනපති වියට්නාමයේ සංචාරයක

Published

on

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වියට්නාමයේ හැනොයි අගනුවරට සැපැත්වෙමින් ඔහුගේ වියට්නාම් නිල සංචාරය අද (12) ආරම්භ කළේය.

චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව යැි පැවැසෙයි.

හැනොයි අගනුවරට පැමිණි චීන ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

වියට්නාම් කොමියුනිසිට් පක්ෂ මහ ලේකම් න්ගුවෙන් පූ ත්‍රොංග්, කොමියුනිසිට් පක්ෂ සභාපති වෝ වැංග් තඔන්ග් සහ වියට්නාම අග්‍රාමාත්‍ය පැම් මිං චිං සමඟත් චීන ජනාධිපති ෂී ජින්පින් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තාවල දැක්වේ.

චීනය මෙන්ම වියට්නාමය ද ආසියාවට අයත්, කොමියුනිසිට් රටවල් ලෙස සැලැකේ.

වියට්නාමය සමඟ පවතින මිතුදම් තවත් ශක්තිමත් කර  ගනිමින්, දෙරට අතර ශක්තිමත් සහයෝගයක් පවත්වා ගැනීම මෙම වියට්නාම් සංචාරයේ අරමුණ යැයි චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

වියට්නාමයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපතිවරයාගේත් චීන රජයේත් අවධානය යොමු වී ඇතැයි ද පැවසේ.

වියට්නාමයේ වරාය, දුම්රිය, මාර්ග සංවර්ධනය ආදී ව්‍යාපෘති රැසකට ද චීනය මැදිහත් වී ආධාර ලබා දීමට උනන්දුවෙන් පසුවෙන බව වාර්තා වේ.

මේ අතර, චීන ජනාධිපතිගේ ෂී ජින්පින්ගේ වියට්නාම සංචාරයට එරෙහිව හැනොයි අගනුවර විරෝධතා රැලියක් ද පැවැති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

වියට්නාමයේ චීන විරෝධී ක්‍රියාකාරීන් විසින් අදාළ රැලිය පවත්වා ඇති බව පැවසේ.

වියට්නාමය අසල්වැසි කලාපීය රටවල් සමඟ නොව ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් සමඟ ද සමීප මිතුදම් පවත්වාගෙන යන රටකි.

මීට මාස කීපයකට පෙර, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද වියට්නාමයේ සංචාරයකට එක් විය.

Trending

Exit mobile version