චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රය මේ දිනවල මීටර් 18ක් උසැති මල් පැසකින් සරසා තිබේ.
ඒ, හෙට ට (ඔක්තෝබර් 01 දා) යෙදී ඇති චීන ජාතික දිනය වෙනුවෙනි.
මෙය වටා මල් සැරසිලි යෙදීමෙන් පසුව මහජනයාට විවෘත කෙරුනු ඇත.
මේ වන විටත් මෙම සැරසිල්ල සමග පෙනී සිටිමින් ඡායාරූප ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රය ඇදී එමින් සිටින බව වාර්තා වේ.
වසර 2011 සිට මෙවැනි සැරසිල්ලක් චීන ජාතික දිනයට පෙර ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රයට එක්කෙරේ.
සජීව විකාශය
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා බීජිං නගරයේ ටියැන්-අන්-මන් Tian’anmen චතුරශ්‍රයේදී චීන ජාතික කොඩිය එසවීමේ උත්සවයක් හෙට (ඔක්තෝබර් 1) සජීවී (බීජිං වේලාවෙන් උදෑසන 5.30ට) www.srilankachinahotline.srilankamirror.com ඔස්සේ විකාශය වේ.