Connect with us

පුවත්

චීන නැව් සාදරයෙන් පිළිගන්නවා – ජනපති

Published

on

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා, නවදිල්ලි නුවර චීනය සමඟ ඇති සබඳතා මත රඳා නොපවතින බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ෆස්ට් පෝස්ට් මාධ්‍ය ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසිවක් ශ්‍රී ලංකාව විසින් සිදු නොකරන බවයි.

වසරක කාලය තුළදී මෙරටට පැමිණි චීන පර්යේෂණ නෞකා ද්විත්වය සම්බන්ධයෙන් ද මෙහි කතාබහට ලක්වූ අතර, මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ පළමු නෞකාව ඔත්තු බලන නෞකා බවට සාක්ෂි ඇතැයි විමසූ විට එවැනි සාක්ෂි නොලැබුණු බවයි.

උලුප්පන්නෙ චීන නැව් විතරයි

“දෙවැන්නට අපි එන්න ඉඩ දුන්නා. එය කිසිම ගැටළුවන් වුනේ නෑ. ඔත්තු නැවක් කියන්නෙ මොකක්ද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්. මේවා සිවිල් නැව්. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් නම්, ඒවා ඔත්තු නැව් නම් අපි ඒවාට එන්න දෙන්නේ නෑ. ඒත් ගවේෂණාත්මක එකක් නම්, අපි චීන නැව් වලට විතරක් නෙවෙයි අනිත් නැව් වලටත් ඉඩ දෙනවා… ඒත් වෙන රටවල නැව් ලංකාවට එන එක ගැන කවුරුත් උලුප්පා දක්වන්නේ නෑ. ලංකාවට චීන නැවක් එන හැම පාරම අපිට ගොඩක් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒත්, වෙන රටකින් පර්යේෂණ නැවක් එනවා නම් එහෙම නෑ,” යැයි ජනාධිපතිවරයා සිනාසෙමින් පැවසීය.

ඉදිරියටත් චීනයෙන් පැමිණෙන මෙවැනි ‘පර්යේෂණ නෞකා’ වලට පැමිණීමට ඉඩ ලබාදෙන්නේදැයි  ඇසූ විට ජනාධිපතිවරයා පැවසුවේ “ඕනෑම පර්යේෂණ නෞකාවක් පිළිගන්නා බවත්, අරමුණ පර්යේෂණ වන තාක් කිසිඳු ගැටළුවක් නොමැති බවත්ය.

චීන යුද නෞකා වලටද ලංකාවේ නැංගුරම් ලෑමට අවසර දෙන්නේ දැයි ඇසූ පැණයකට ජනපතිවරයා පවසා ඇත්තේ චීනය, ඉන්දියාව, රුසියාව, ඇමෙරිකාව වැනි විවිධ රටවල යුද නැව් මේ වන විටත්  කොළඹට පැමිණෙන බවයි.

සියලු පක්ෂ දෙකඩ වෙලා

මෙරට දේශපාලනය පිළිබඳව කතාබහ කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සියළු දේශපාලන පක්ෂ දෙකඩ වී ඇති බවයි.

රාජපක්ෂ පවුලේ පක්ෂයේ කොටසක් සමගි ජනබලවේගය සමග වැඩ කරන බවත් ඉතිරි කොටස තමා සමග වැඩ කරන බවත් පැවසූ ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මුළු සමගි ජනබලවේගයම සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන්නේද කියා ඇසුව හොත් උත්තරය වන්නේ එසේ නොවන බවයි.

“සියළු දේශපාලන පක්ෂ දෙකඩ වෙලා තියෙන්නෙ. මං කියන්නේ රට ගොඩගන්න හැමෝටම එකතු වෙන්න කියලා.”

විශාලම ණයහිමියා

ණයහිමියන් පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලංකාවේ විශාලතම ණය හිමියා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) වන බවත් විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා චීනය බවත්ය.

ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ලබාදුන් සහය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිහිකැඳවීය.

එළැඹෙන ජනාධිපතිවරණයට තරග කරන්නේ දැයි ඇසූවිට වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තමාගේ පළමු කර්තව්‍යය වන්නේ ආර්ථිකය ගොඩගැනීම බවත්ය.

SLC තහනම් වෙනවා කියලා මට තේරුණා

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක්වනු ඇතිබවට තමාට තේරුණු බවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂාහ් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා මෙරට ක්‍රිකට් පාලනය කරන බවට ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා චෝදනා කර තිබුණි.

ඔවුන් හිතන්නේ ෂාහ් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවයි. මම ෂාහ් ට කතා කළා, කනගාටුව ප්‍රකාශ කළා ඔහුගේ නම මේ ප්‍රශ්නයට ඈඳීම ගැන…”

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නීත්‍යානුකූල පාර්ශ්වය බවට තීන්දු කළ පාර්ශවයට තමා සහය දෙන බව ශාහ් මහතා පැවසූ බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා හා ෆස්ට් පෝස්ට් අතර සිදුවූ සම්මුඛ සාකච්ඡාව මෙතැනින් :

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved