පුවත්

චීන නැව නරඹන්න අගමැතිනියත් යයි

Published

on

කොළඹ වරායට ළඟාවී ඇති චීන සමුහාණ්ඩුවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය.

“Peace Ark” නෞකාව දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර 2024 දෙසැම්බර් 22 සිට දෙසැම්බර් 27 දක්වා ශ්‍රී ලංකාවේ ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබා දෙනු ඇත.

සිය සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය සාම නෞකාව ඇතුළත් වැඩසටහනේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක් කළ අතර, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෙම සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට ප්‍රසාදය පළ කළාය.

ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍යයට සහාය වීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි වැදගත්කම අග්‍රාමාත්‍යවරිය එහිදී  අවධාරණය කළාය.

මේ අවස්ථාවට මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා ද එක්වූ අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නෞකාවේ මෙහෙවරෙහි වැදගත්කම ද ඔහු එහිදී අවධාරණය කළේය.

පසුව නෞකාවේ වෛද්‍ය කණ්ඩායම විසින් නෞකාවේ පවතින නවීන පහසුකම් සහ සේවාවන් පිළිබඳ පැහැදිළි කරන ලදී.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද එක්ව සිටියේය.

සබැඳි පුවත්:

Trending

Exit mobile version