Connect with us

පුවත්

චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ලංකාවට ! (ඡායා)

Published

on

විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති (CPAFFC) ලින් සොන්ටියැන් මහතා අද (12) සිව් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ චීන මිත්‍රත්ව සංවිධාන සාමාජිකයන් පිරිසක් විසින් ඒ මහතා අද කොළඹ ෂෑංග්‍රිලා හෝටලයේ දී පිළිගනු ලැබීය.

අති සාර්ථක තානාපතිවරයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ලින් සොන්ටියැන් අප්‍රිකානු කලාපය සහ චීනය අතර සම්බන්ධතාවය වර්ධනය කිරීම සඳහා සිය උපරිම දායකත්වය දැක්වූ චීන තානාපතිවරයා ලෙසද සැලකේ.

2020 සිට විදේශ රටවල් සමඟ මිත්‍රත්තවය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපතිවරයා ලෙස පත් කෙරුනු සොන්ටියැන් මහතා සිය පළමු සංචාරය ලෙස සිදුකළ පාකිස්ථානයේ සංවාරයකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඒ මහතා ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය වර්ධනය කිරීමට මුල් වූ රබර් සහල් ගිවිසුම අත්සන් කළ ජී.ආර්. සේනානායක මහතා ගේ ඥාතීන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමිය හමුවීමට නියමිතය.

එසේම ශ්‍රී ලංකා චීන මිත්‍රත්ත්වය සංගම් සංවිධානය කරන සම්මන්ත්‍රණයකට සහභාගී වීමට නියමිත සොන්ටියැන් මහතා ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

චීනයේ මිත්‍රත්ව සංගම් 46 කින් සැදුම්ලත් CPAFFC සංවිධානය ලොව පුරා රටවල් 157ක මිත්‍රත්තව සංවිධාන 413 ක් සමග කටයුතු කරයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved