Connect with us

පුවත්

“චීන – ලංකා නිදහස් වෙළඳ ගිවිසුම හැකි ඉක්මනින් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා”

Published

on

චීනයේ රාජ්‍ය මන්ත්‍රී ගරු ශෙන් යිචින් (Shen Yiqin) මහත්මිය ප්‍රමුඛ දුත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 

මෙම අවස්ථාව සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ලබාදෙනු ලබන සහයෝගය මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය විසින් ලබාදෙන සියලු ආකාරයේ සහයෝගීතාවන් පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. එසේම, කොළඹ වරාය නගරය ඇතුළු චීනයේ සහයෝගයෙන් මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන බව පැවසූ කථානායකවරයා දෙරට අතර ද්වීපාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තුවන බවද සඳහන් කළේය.      

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යිචින් මහත්මිය, ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් ලබාදීම ඇතුළු අනෙකුත් හදිසි මානුෂීය අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍යවන මූල්‍ය සහයෝගය ලබාදීමට චීන රජය බලාපොරාත්තු වන බව සඳහන් කළාය.

එමෙන්ම, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ ජනතාව අතර සම්බන්ධතා වර්ධනය කිරිම තුළින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ප්‍රායෝගික සහයෝගීතාවයේ වර්ධනය ඇති වන බවත් එමගින් දෙරට අතර පවතින සමීප සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් යිචින් මහත්මිය පැවසුවාය. විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම (FTA) හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ශ්‍රී ලංකාව තුළ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තලතා අතුකෝරල මහත්මිය දූත පිරිස දැනුවත් කළ අතර සංසදයේ ඉදිරි කටයුතු සඳහා චීනයේ සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියාය.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved