පුවත්

චීන සංචාරය නිමයි ජනපති අද රාත්‍රියේ දිවයිනට 

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ මහතාගේ චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව සිදු විය. 

ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චන්දු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ (Dongfang Electric Corporation) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සිය සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ගියේය. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක් වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Trending

Exit mobile version