පුවත්

චීන CPC ලොක්කන්ට පසුව, ඉන්දීය විදේශ ඇමති ලංකාවට!

Published

on

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ලබන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අවසන් වරට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පසුගිය වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

කෙසේවුවද, ඒ මහතාගේ මෙම නිල සංචාරය හදිස්සියේ යොදාගත් එකක් බවද වාර්තා වේ.

මේ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (14) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය.

CPC ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ගේ නායකත්වයෙන් යුත් මෙම පිරිස ජනවාරි 18 වැනිදා දක්වා මෙරට සංචාරය කරනු ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

Trending

Exit mobile version