පුවත්

චෝදනා පත්‍රය ලැබෙනකන් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා – ජනක රත්නායක

Published

on

තමන්ට එරෙහි චෝදනා පත්‍රය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පෙරවරුවේදී සිදුකළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා පවසා තිබුණේ ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, ඊට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිව ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ට එරෙහිව අවශ්‍ය නීතිමය කටයුතු හා ඔහුව ඉවත් කිරීම සඳහා වු චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර තියෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුදෙනා මේ සඳහා එකඟත්වය පළ කර තියෙනවා. මොකද තමන්ගේ තනි මතය, මම මින් ඉදිරියට කියන්නේ මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි ජනක රත්නායකගේ තනිමතයට තමා පහුගිය කාලය පුරා මේ කටයුතු කරලා තියෙන්නේ. ජනක රත්නායක කියන පුද්ගලයා මුළු රටක් බිත්තියට හේත්තු කරමින් මේ විදුලි කප්පාදුවටත් වගකිව යුත්තේ වෙන කවුරුත් නෙමෙයි මහජන උපයෝගීතා කොමිසමේ ඉන්න අනෙකුත් නිලධාරීනුත් නොමඟ යවමින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වැඩකටයුතු කරමින් මේ රටේ සමස්ත ජනතාව අසීරුතාවයට පත්කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා මේ වෙනුවෙන් කටයුතු ආකාරය පිළිබඳ.”

Trending

Exit mobile version