පුවත්

“ඡන්දයට සක්‍රිය අපේක්ෂකයන් 1000ටත් අඩුයි”

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල මැතිවරණය සඳහා සක්‍රීයව ක්‍රියාත්මක වී සිටින්නේ අපේක්ෂකයන් 1000 කට අඩු පිරිසක් බව නිරීක්ෂණය වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ප්‍රචාරක කාර්යාල ස්ථාපනය කිරීමේ විශාල අඩුවක් දක්නට ඇති බවද ඔහු පෙන්වාදෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද පැවසීය.

‘‘මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 49 කින් සහ ස්වාධීන කණ්ඩායම් රැසකින් නාම යෝජනා භාර දී තිබෙනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ සඳහා අපේක්ෂකයන් 5015 ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 3346 දෙනකු මැතිවරණය සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා. මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට තමන්ගේ පක්ෂයේ ලකුණ සහ මනාප අංකය මහජනතාවට ප්‍රදර්ශනය කළ හැකි හොඳම ස්ථානය වන්නේ ප්‍රචාරක කාර්යාලයක් තුළින්. නමුත් බොහෝ අපේක්ෂකයන් ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන බවක්ද පෙනෙන්න තිබෙනවා. සමස්තයක් ලෙස පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණ ප්‍රචාරක කාර්යාල රට පුරා ස්ථාපනය කර ඇත්තේ 9291 ක් පමණක් බව පොලිසියෙන් ලබා ගත් තොරතුරුවල සඳහන් වෙනවා.”

Trending

Exit mobile version