ඡන්දය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කලේය.
ඒ අනුව, ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන අතර ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවය.