පුවත්

ඡන්ද ගණන් කරද්දී ජංගම දුරකථන භාවිතය තහනම්

Published

on

මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්ද ගණන් කිරීම සිදු කරන අවස්ථාවලදී කිසිඳු පුද්ගලයෙකුට එම මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඡන්දය ගනන් කිරීමේ මධ්‍යස්ථානවල තොරතුරු විවිධ ආකාරයට ප්‍රචාරය වී ගැටළු ඇතිවීම් වාර්තා වූ බැවින් මෙවර ඡන්දය ගනන් කිරීමේ නිලධාරීන් කිසිවෙකුටත් ජංගම දුරකථන එම මධ්‍යස්තාන තුළට රැගෙන යාම තහනම්ය.

එමෙන්ම පෙර පරිදිම ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදීත් ජංගම දුරකථන රැගෙන යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.

Trending

Exit mobile version