Connect with us

පුවත්

ජනතාවට වසර 15ක් වද දුන් ‘ඩී-සීෆුඩ්ස් එක්ස්පොර්ට් ඇන්ඩ් සප්ලයි’ අත්හිටුවන්න නියෝග

Published

on

මහජනතාවට පීඩා වන අන්දමින් වසර 15ක කාලයක් කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘ඩී-සීෆුඩ්ස් එක්ස්පොර්ට් ඇන්ඩ් සප්ලයි’ (D Sea Foods Export & Supply) මත්ස්‍ය අපනයන ආයතනයේ මෙහෙයුම් කටයුතු ලබන මස 04 වැනිදා දක්වා අත්හිටුවීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (25) නියම කළේය.

කඳාන ප්‍රදේශයේ පිහිටි ‘සෙන්ට්‍රල් සමර් පාර්ක්’ (Central Summer Park) නිවාස සංකීරණයේ පර්චස් 12ක බිම් කැබැල්ලක පවත්වාගෙන යන මෙම මත්ස්‍ය අපනයන ආයතනයක මෙහෙයුම් කටයුතු හේතූවෙන් එම නිවාස සංකීරණයේ ජනතාව දුර්ගන්ධය හා අධික ශබ්දය හේතූවෙන් වසර 15ක කාලයක් පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවට ඉදිරිපත් වු සාක්ෂි සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාතවරයා මේ නියෝගය කළේය.

කඳාන දකුණු බටගම කපුවාගාර හි ‘සෙන්ට්‍රල් සමර් පාර්ක්’ (Central Summer Park) නිවාස සංකීරණයේ ජනතාව විසින් මහජන පීඩා පනත යටතේ කඳාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මේ තීන්දුව ලබාදී ඇත.

‘සෙන්ට්‍රල් සමර් පාර්ක්’ නිවාස සංකීරණයේ ජනතාව විසින් මහජන පීඩා පනත යටතේ කරන ලද පැමිණිල්ලකට අනුව ‘ඩී-සීෆුඩ්ස් එක්ස්පොර්ට් ඇන්ඩ් සප්ලයි’ නමැති ආයතනයට සහ හිමිකරු වන චමින්ද දිමුතු කුමාර ප්‍රනාන්දු නමැත්තාට එහෙිව කඳාන පොලිසිය මෙම නඩුව පවරා තිබිණී.

මෙම නඩුව කැඳවු අවස්ථාවේදී ‘සෙන්ට්‍රල් සමර් පාර්ක්’ නිවාස සංකීරණයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු අධිකරණයේ සාක්කි දෙමින් මෙම මත්ස්‍ය අපනයන ආයතනයට පාන්දර 5.00 සිට මත්ස්‍යයින් රැගත් විශාල ලොරි එක දිගට පැමිණෙන බවත් එම ලොරි රථ වලින් මෙන්ම එහි සවිකර ඇති විදුලි ජනක යන්ත්‍ර වලින් නිකුත් වන අධික ශබ්දය හේතූවෙන් තමන්ට නින්දක් නොමැතිව දුක් විඳීමට සිදුව ඇතැයි පැවසුහ.

මෙම ආයතනයේ කටයුතු හේතූවෙන් නිරන්තරයෙන් දුර්ගන්ධය ඇති වන බවත් මාලු ලේ සමඟ මුසු වු ජලය නිවාස සංකීරණයේ කාණු පද්ධතියට මුදා හැරීම හේතූවෙන් ඉන් ඇතිවන දුර්ගන්ධය හා මැසි මදුරුවන් නිසා අවට පදිංචිකරුවන් නිරන්තරයෙන් රෝගී වන බවත් සාක්කි දෙමින් පැවසු ඔව්හු මෙම ආයතනයේ කටයුතු හේතූවෙන් තම නිවාස වල ජනෙල් වසර 15ක කාලයකින් විවෘත කර නැතැයිද කීහ.

මෙම ආයතනයේ කටයුතු හේතූවෙන් තමන්ට විඳින්නට සිදුව ඇති දුක් ගැහැට මෙපමණ කලක් බලධාරීන්ට කොතෙක් කීවත් ඉන් පළක් නොලැබුණු බවද කී පදිංචිකරුවෝ තමන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වීමට හැකි වාතාවරණයක් ඇති කර දෙනන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධරීහු කරුණු දක්වමින් අදාළ ආයතනය කටයුතු පවත්වාගෙන යන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍රයද ලබා නෙගෙන බවත් එම ආයතනයේ කටයුතු හේතූවෙන් අවට පදිංචිකරුවන් විශාල මහජන පීඩාවකට ලක්ව ඇති බවත් දැනුම් දුන්හ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ මත්ස්‍ය අපනයන ආයතනයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල කැඳවන ලබන මස 04 වැනිදා දක්වා මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට අදාළ ආයතනයට සහ එහි හිමිකරුට නියම කළේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved