පුවත්

ජනපතිවරණයකට ගියොත් ආණ්ඩුව දෙදරයි!; බැසිල් – රනිල් මත දෙකක

Published

on

ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබියදී, පවත්නා දේශපාලන වාතාවරණය තුළ කඩිනම් මහ මැතිවරණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී ඇත.

මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනපතිවරයා ජනපති නිවෙසේදී හමුවූ අවස්ථාවේය.

දේශපාලන වශයෙන් කලබලයක් ඇති කිරීමට අපේක්ෂාවක් නැතත් තම පක්ෂයේ එකම අරමුණ ඉක්මනින් මහ මැතිවරණයක් තැබීම බවද බැසිල් මහතා පවසා ඇත.

සිය මහ මැතිවරණ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ඔහු මෙහිදී සඳහන් කර ඇත. 

රටේ ජනමතය සහ යහපැවැත්ම සලකා අවසන් තීන්දු ගත යුතු යැයි බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කළ යෝජනාව නිසා මැතිවරණ කල් දැමීමට රජය සැරසෙන බවට මතයක් සමාජගත වී ඇති බවත් එය සුබදායක තත්‍ත්වයක් නොවන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණ කල් දැමීමට තමන්ගේ කිසිම අපේක්ෂාවක් නොමැති බවයි.

පළාත් පාලන සහ පළාත් සභා ඡන්දය කල් දැමීම නිසා බොහෝ පරිපාලන ගැටලු ඇතිව ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇති අතර රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ මහා සංඝරත්නය සහ ජාතිකවාදී කඳවුරු සමඟ මුලින්ම සාකච්ඡා කළ යුතු යැයිද ඔහු මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

Trending

Exit mobile version